Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

එදිනෙදා ජීවිතයට ගුප්ත කර්ම

1 year ago 7 Min read
Subha.lk

🔸 කටහඬ හා වාග්ගක්ති වර්ධනයට ඖෂධ යෝග

එක් දිනක් නෙල්ලි යුෂයෙහි භාවිත කොටගත් වද කහ. චූර්ණය කළඳක් ගිතෙලින් කනු, වාග් ශුද්ධියද ඒ ස්මෘති ශක්තිය හා බුද්ධි වර්ධනයද සිදුවෙයි.

 

🔸 පාඩම් සිටීමට

වදකහ චූර්ණය එළ කිරෙන් සත් දිනක්ද, ගිතෙලින් සත් දිනක්ද, මී පැණියෙන් සත් දිනක්ද බොනු, ශ්‍රැතිධර වෙයි.

 

🔸 කෝකිල සම හැඬක් ලබා ගැනීමට

වියළි ඉඟුරු, සර්කරා මී පැණි සමඟ ගුලිකොට වැලඳීමෙන් කොවුලකු සමාන ස්වර ඇතිවේ.

 

🔸 ශරීර දුර්ගන්ධය නැසීමට

සම්භෝග සුව පිණිස ස්ත්‍රී පුරුෂයන් තම ශරීරයෙහි දුගඳ දුරලනු සඳහා බොහෝ විලේපනයන් ගැල්වීම සිදුවේ. ඇතමුන් ගේ දහදිය දුර්ගන්ධය, අනෙකකුට අප්‍රසන්නය. එබැවින් ඒ සඳහා සුදුසු ඖෂධ යෝගයකි මේ.

දෙළුම් පොතු, වැල්මී, ලොත් සුඹුලු, නෙළුම් සමව ගෙන ඒ ධරට කොහොඹ කොළ කුඩුකොට ඇඟ ගැල්වීමෙන් කාමිනින්ගේ දහදිය ගඳ දුරුවේ.

එනසාල්, හිගුරුපියළි, කුරුදුපොතු, හඳුන්, කලාඳුරු, මූරුංගා පොතු, රටලදී, සමවගෙන සාදාගත් චූර්ණය ඇඟ ගැල්වීම ගිනි කබලක දමා දුම් ඇල්ලීම ආදියට යෝග්‍යවේ. සුවඳින් මිනිසුන් මුළා කරයි. සුර රාජයාට වුවද යෝග්‍ය වේ.

 

🔸 ශර්රයේ ලප නාසනයට

මනෝසීල, ලොත් සුඹුළු, කහ, වෙනිවැල්, අඛ සමවගෙන ඇල්දියෙන් අඹරා ආලේප කිරීමෙන් ලප කැළැල් ඉවත්වේ.

 

🔸 උකුණන් වඳ කිරීමට

වළඟසාල්, ගෙන්දගම්, අඹරා හෝ මුත්‍රයට දමා අව්වේ කකාරා හිස ගැල්වීමෙන් හිසක්වල රදන උකුන් හා හෙඩිද විනාශ වෙති. බැව්ල මුල් කොටා එළ මුත්‍රා සමඟ ගැල්වීමෙන් උකුණෝ වදවෙති.

 

🔸 පුරුෂ ශක්තිය හා ධාතු වර්ධනයට

පරණ හිඹුල් ගසක මුල් උදුරා මිරිකාගත් යුෂ හකුරු සමඟ පානය කිරීමෙන් සතියකින් රේනස් සයුරක් ඇතිවේ. (ධාතු වර්ධනයවේ අදහසයි) පුරුෂ ශක්තිය ඇතිවේ. හිඹුල් සමඟ අංතල් මුල් කුඩු කොට කිරි හෝ ගිතෙල් හෝ සමඟ වීමෙන් රහියෙහි ගේ ගුරුල්ලකු මෙන් වෙයි.

 

🔸 පුන් පියයුරු ලැබීමට

 

වදකහ. දෙළුම් පොතු කල්කකොට අබ තෙලින් සිදගත් තෙල ගැල්වීමෙන් ස්ත්‍රීන්ගේ පියයුරු මනාසේ පිරී වැඩේ.

කරපිංචා කොළ යුෂ කල්කකොට තුළ තෙලින් සිදගත් තෙල පුළුන්වල දවටා පියයුරුවල ගැල්වීමෙන් යුවතීන්ගේ පියයුරු වැඩේ. වැටීගියේ නමුදු උන්නතාවේ.

 

🔸 විස නසා මළවුන් නැඟිටුවන අමෘත යෝගයක්

එළ කටුරොඩු මුල් යුෂ එළකිරෙන් පානය කල කල්හි උදරගත ස්ථාවර විස නැසේ. සැකනැති, මළවුන්සේ සිටින්නේද නැගිටිති.

 

🔸 වාත අමාරු කැක්කුම් ආදියට

බොහෝ දෙනකුට ඇති දණහිස් කැක්කුම්, කොන්දෙ කැක්කුම්, අත් පා රුදාවලට මීතෙල් 21 වර හෝ 108 වර මතුරා කැක්කුම් ඇති තැන්වල ගානු ඉක්මන් සුවය ලැබේ. අත්දුටුවයි.

මන්ත්‍රය - බ්‍රාඩ් ලෝකාධිතාලයරි චිති රිරිහු මන්ත්‍ර දේවා ආචී ටුචි දේවලජ්ජා තාටුජංං

 

🔸 දරු සම්පත් පතන කාන්තාවන්ට

 

ගාථාව -

සම්බුද්ධ සෙට්ඨො පරිවණ්ණායී සුචිං

සමාධී මාමානං තරකඤ්ඤ මාහු

සමාධිනාතේන සමාන විජීති

ඉදම්පි ධම්මේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හේතු

 

ක්‍රමය -

පිරිසුදු පැන් ගෙන 7 වරක් පෙරා ඉහත ගථාවෙන් 108 වර පිරිත් කොට ස්ත්‍රිය ඔපස්වී දින 03න් ස්නානය කළ දින සිට දින 07ක් මෙම පැන් බිමට දෙන්න. මෙම කාලය තුළ ඉතා සැහැල්ලුවෙන් හා සතුර්ග් ස්වාමියා හා සම්භෝග වන ස්ත්‍රිය දරුගැබ් පිහිටයි. බොහෝ දෙනකුට පිහිටවූ අත්දුටු ගුප්ත කර්මයකි. ගුණවත් හා සිල්වත් ප්‍රතිපත්ති ගරුක අයකු වා පිරිත්කර ගනු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk