Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මහ මොළකරුවන් මෙහෙයවන අපරාධ සහ පරිගණක වයිරස් ගැන විමසිලිමත් විය යුතු කාලයක්

1 year ago 7 Min read
Subha.lk

කුජ සහ බුධ යන ග්‍රහයන් 2021 වසරෙහි අගෝස්තු 19 වැනිදා පෙ.ව. 8.59ට නියම ලෙසට සංයෝග වන බව පෙනේ. කුජගේ කූට බව බුධගේ බුද්ධියත් සමඟ කූට බුද්ධිය නිර්මාණය කරන ග්‍රහ පිහිටීමක් ලෙස මෙම ග්‍රහ පිහිටීම හැඳින්විය හැකියි. මෙම ග්‍රහ පිහිටීමට අනුව 2021 වසරෙහි අගෝස්තු 19 වැනි දින සහ එම දිනය ආශි්‍රත දින කිහිපය තුළ මහ මොළකරුවන් මූලික වී සිදු කරන අපරාධ  ඉතා සියුම් ලෙස සිදුවිය හැකි බැවින් පරීක්‍ෂාකාරීව කාලය ගත කළ යුතුය. 

 

තවද මෙම ග්‍රහ සංයෝගයට අනුව එකී දිනවල තාක්‍ෂණය හා සම්බන්ධ අපරාධ ආදියද සිදු විය හැකි බැවින් පරිගණක වයිරස් ආදිය පිළිබඳව වෙනදාට වඩා විමසිලිමත් වීම නුවණට හුරුය. මෙසේ කුජ සහ බුධ යන ග්‍රහයන් නියම ලෙසම සංයෝග වීමට අනුව 2021 වසරෙහි අගෝස්තු 19 වැනිදා අවට දිනවල උපත ලබන දරුවන් අනාගතයේදී ඉතා උපායශීලීි චරිත බවට පත් වනු ඇත. කුජ සහ බුධ අතර ග්‍රහ යුද්ධයට කුජ සම්බන්ධ වීමට අනුව 2021 වසරෙහි අගෝස්තු 19 ආශි්‍රත දිනවල හදිසි අනතුරුවල ඉහළ යෑමක්ද පෙන්නුම් කරන අතර එම දිනයන් ආශි්‍රතව අපරාධකරුවන්ට, ත්‍රස්තවාදීන්ට සහ වෙනත් ආයුධ අත දරන්නන්ට අසුබ බලපෑම් ඇති වීමක්ද පෙන්නුම් කෙරේ. මීට අමතරව ලෙස මෙම ග්‍රහ යුද්ධයට බුධ සම්බන්ධ වීමට අනුව 2021 වසරෙහි අගෝස්තු 19 වැනිදා අවට දිනවල මාධ්‍ය ක්‍ෂේත්‍රය, අධ්‍යාපන ක්‍ෂේත්‍රය, සන්නිවේදන ක්‍ෂේත්‍රය සම්බන්ධව සහ කුඩා දරුවන් සම්බන්ධව ආන්දෝලානාත්මක ආරංචි ලැබෙන්නට ඉඩකඩ පවතින බව පෙනේ.

 

2021 වසරෙහි අගෝස්තු 19  වැනිදා ආශ්‍රිතව යුරේනස් ග්‍රහයා වක්‍ර චලිතයක් කරා ගමන් කරන බව පෙනේ. ඒ අනුව 2021 වසරෙහි අගෝස්තු 19 ආශ්‍රිතව  දිනවල සහ 2021 වසරෙහි අගෝස්තු 19   වැනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළ අත්වැරදීම්වලින් සිදුවන පිපිරීම්, ගිනි ගැනීම්, භූමිය සම්බන්ධ අනතුරු ආදිය පිළිබඳව වෙනදාට වඩා විමසිලිමත් වීම නුවණට හුරුය. විශේෂයෙන් එම දින ආශ්‍රිතව න්‍යෂ්ටික අනතුරු, පතල් අනතුරු ආදිය සිදුවීමේ අවදානමක්ද ලෝක මට්ටමෙන් හට ගනියි. 

 

2021 වසරෙහි අගෝස්තු 20 වැනිදා පෙ.ව. 6.00ට රවි සහ ගුරු යන ග්‍රහයන්  නියම ලෙසම සප්තම වන බව පෙනේ. ඒ අනුව 2021 වසරෙහි අගෝස්තු 20 දින ආශි්‍රත දිනවල උපත ලබන දරුවන්ට අනාගතයේදී ඉහළ සමාජ තත්ත්වයක් උරුම කර ගැනීමට වාසනාව ලැබෙනු ඇත. 

 

2021 වසරෙහි අගෝස්තු 20 වැනිදා පෙ.ව. 4.23ත් 2021 වසරෙහි අගෝස්තු 22 වැනිදා පෙ.ව. 8.00ත් අතර කාල සීමාව තුළ චන්ද්‍රයාගෙන් අට වැන්නෙහි කුජ ග්‍රහයා ගමන් කරන බව පෙනේ. මෙය අසුබ ග්‍රහ ගෝචරයක් බැවින් එම කාල සීමාව තුළ අනතුරුවල ඉහළ යෑමක් පෙන්නුම් කරන බැවින් වෙනදාට වඩා පරීක්‍ෂාකාරීව කාලය ගත කළ යුතුය. 

 

2021 වසරෙහි අගෝස්තු 26 වැනි දින පෙ. 11.20ට බුධ ග්‍රහයා කන්‍යා රාශිය තුළ උච්ච චලිතයක් ආරම්භ කරන අතර 2021 වසරෙහි සැප්තැම්බර් 22 වැනිදා පෙ.ව. 8.25 වන තෙක්ම බුධ තම උච්ච චලිතය පවත්වාගෙන යයි. මෙය රටේ අනාගතය සම්බන්ධව අතිශය තීරණාත්මක ග්‍රහ ගෝචරයක් වන අතර මෙම ග්‍රහ ගෝචරයේ ප්‍රතිඵල පිළිබඳව දීර්ඝ ලෙස කතාබහ කිරීමට මීළඟ ලිපියෙන් බලපොරොත්තු වෙමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk